ඇති වූ ස්භාවික ව්‍යසනයෙන් අවතැන්ව - සරණක් අවැසිව සිටි බොහෝ ජනයා වෙත සරණක් වූ
ශ්‍රී දළදා මාලිගාවේ සමාජ සත්කාරක මෙහෙවර
මේ වෙනුවෙන් දැන් ඔබට ද දායක විය හැකියි. හැකි නම් පමණක් ඔබගේ පින්බර සිතින් කරන ආධාරය ශ්‍රී දළදා මාලිගාව වෙත පරිත්‍යාග කරන්න.
අපි එය අසරණ මිනිසුන්ගේ පිහිට වෙනුවෙන් බොහෝ ගම් දනව් වෙත රැගෙන යන්නේ මෙත් සිතිනී.
Donate Online
දැන් ඔබට ඔබේ පරිත්‍යාගය Online ලෙස සිදු කළ හැක.
Social Welfare Fund
Social Welfare Fund
ආධාර බැංකුව වෙත යොමු කිරීමට
පහත ගිණුමට ඔබට ඔබේ ආධාර මුදල් බැර කළ හැක.
| බැංකුව | මහජන බැංකු ප්‍රධාන කාර්යාලය – මහනුවර. |
ගිණුම | ශ්‍රී දළදා මාලිගාවේ සමාජ සත්කාරක ගිණුම. |
| ගිණුම් අංකය | 003200100102599 |
| SWIFT කේතය | PSBKLKLX |
වැඩි විස්තර සඳහා අමතන්න
ඔබගේ දායකත්වය සමඟ අප මෙතෙක් කළ සත්කාර කීපයක්
2025 දෙසැම්බර් 04
තෙල්දෙණිය ජනතාවට අවශ්‍ය ද්‍රව්‍යාධාර ලබා දීම සහ තවත් පවුල් 2000කට ආධාර අරන් දුෂ්කරම ගම්මාන වෙත ගමන් කිරීම.
රූපරාමු >>
2025 දෙසැම්බර් 03
ගෙලිඔය, වැලිගල්ල ප්‍රදේශයේ ආපදාවට ලක්වූ ජනතාවට වියලි ආහාර ලබා දීම.
රූපරාමු >>
2025 දෙසැම්බර් 02
ස්භාවික ආපදාවන්ට මුහුණදුන් ගලහා, දෙල්තොට, ගම්පොළ, මාරස්සන, පස්ගම, උඩුදෙණිය ප්‍රදේශ වල ආපදාවට ලක් වූ ජනතාවට වියලි සළාක ශ්‍රී දළදා මාලිගාවෙන් 2025 දෙසැම්බර් 02 වන දින ලබා දුන්නා.
රූපරාමු >>
2025 දෙසැම්බර් 01
නායයාම් වලින් වඩාත් හානියට පත් අලවතුගොඩ ප්‍රදේශයට ආධාර ලබා දීම.
රූපරාමු >>
2025 නොවැම්බර් 30
ප්‍රවේශ මාර්ග ඔස්සේ ළඟා වීමට අපහසු උඩුදුම්බර ප්‍රදේශයට ගුවන් මඟින් ආධාර රැගෙනගොස් බෙදාහැරීමට නාරම්පනාවේ ආනන්ධාභිධාන, අස්ගිරි මහා විහාරීය අති ගෞරවාර්හ අනුනායක නාහිමිපාණන් වහන්සේ කටයුතු සමිපාදනය කරන ලදී.
මහනුවරට පැමිණ, ආපදා තත්වය හේතුවෙන් අසරණ වූ විදේශික සංචාරකයින් සඳහා ආහාර පාන ලබාදීම ශ්‍රී දළදා මාලිගාවේ විශ්‍රාම ශාලාවේ දී ආරම්භ විය.
>රූපරාමු >>
2025 නොවැම්බර් 28
ශ්‍රී දළදා මාලිගාවේ අපේ සත්කාර වැඩසටහන යටතේ මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පෙරදැරිව ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිදුන්ගේ අධීක්ෂණය යටතේ මහනුවර හා ඊට තදාසන්න ප්‍රදේශවල ආපදාවට ලක්වූ ජනතාවට සහන සේවා සැලසීමේ මූලික අදියර යටතේ පිසින ලද ආහාර බෙදා දීමේ මුලික කටයුතු මේ මොහොත වන විටත් ආරම්භ කර ඇත. ගැටඹේ,පේරාදෙණිය විශ්ව විද්‍යාලය ආවරණය වන පරිදි ආපදාවට ලක් පිරිස් සඳහා ආහාර පාර්සල් 5000ට වැඩි ප්‍රමාණයක් බෙදාහැරීම සිදු කරනු ලැබුවා.
>රූපරාමු >>
Press Release | 2025 Dec. 01 | Sri Dalada Maligawa
Press Release
The Auditor of the Fund