ආපදාවට ලක්වූ ජනතාවට සහන සේවා සැලසීමේ මූලික අදියර.

ශ්රී දළදා මාලිගාවේ අපේ සත්කාර වැඩසටහන යටතේ මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පෙරදැරිව ශ්රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මැතිදුන්ගේ අධීක්ෂණය යටතේ මහනුවර හා ඊට තදාසන්න ප්රදේශවල ආපදාවට ලක්වූ ජනතාවට සහන සේවා සැලසීමේ මූලික අදියර යටතේ පිසින ලද ආහාර බෙදා දීමේ මුලික කටයුතු මේ මොහොත වන විටත් ආරම්භ කර ඇත.
 
ගැටඹේ,පේරාදෙණිය විශ්ව විද්යාලය ආවරණය වන පරිදි ආපදාවට ලක් පිරිස් සඳහා ආහාර පාර්සල් 5000ට වැඩි ප්රමාණයක් බෙදාහැරීම සිදු කරනු ලැබුවා.