මහනුවර කැප්පෙටිපොල විද්‍යාලයට සංගීත භාණ්ඩ ප්‍රදානය.

මහනුවර කැප්පෙටිපොල විද්‍යාලයට සංගීත භාණ්ඩ ප්‍රදානය.

කැප්පෙටිපොල විද්‍යාලය. මහනුවර නගරයේ පිහිටි එහෙත් බොහෝ දෙනෙකු නොදන්නා, අඩු පහසුකම් සහිත කුඩා පාසලක්. එදිනෙදා හමුවන විවිධ රැකියාවන් කරන, අඩු ආදායම් ලාභී දෙමව්පියන්ගේ දරුවන්ට ගුරුහරුකම් දෙන මේ කුඩා විදුපියසට කාලයක් ලොකු අඩු පාඩුවක්ව පැවති සංගීත ඒකකයක අවශ්‍යතාව දැන් සම්පූර්ණ වී තිබේ. මීට දින කිහිපයකට ඉහත දී කැප්පෙටිපොල විද්‍යාලයෙන් ශ්‍රී දළදා මාලිගාවට කළ ඉල්ලීමට අනුව 2024 ඔක්තෝම්බර් 19 එම විද්‍යාලයේ සංගීත ඒකකයකට අවශ්‍ය සියළුම සංගීත භාණ්ඩ ප්‍රදානය කරනු ලැබුවේ, ප්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමා විසිනී. ඒ ශ්‍රී දළදා මාලිගාවේ සමාජ සත්කාරක වැඩසටහන වන අපේ සත්කාරය මඟිනී.